ඔස්ට්රේලියාවේ සංචාරයක නිරත ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායමේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ 2 වැනි තරගයෙන් ලකුණු 51ක ජයග්රහණයක් ලබා ගත් ශ්රී ලංකා ක්රීඩකයෝ තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට සමත් වුනා.
මෙම තරගය අද (06) Darwin හී Marrara Oval ක්රීඩාංගණයේ දී පැවැතියා.
කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්රේලියා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්රතිවාදී ශ්රී ලංකා A කණ්ඩායම සතු කරන අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 294ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්රේලියා A කණ්ඩායමේ සියලුම දෙනා ම දැවී ලබා ගන්නේ ලකුණු 243ක් පමණයි.
අද තරගයේ දී ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්රනාන්දු සහ ඉසිත විජේසුන්දර අලුතෙන් කණ්ඩායමට එක් කර ගන්නා ලද අතර ඒ අනුව චමිඳු වික්රමසිංහ සහ වනුජ සහන් ට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවා.
ඔස්ට්රේලියා A ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයේ දී ක්රීඩා කළ Josh Philippe, Liam Scott සහ Henry Thornton අද කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට Matthew Gilkes, Jason Sangha සහ Jack Nisbet කණ්ඩායමට එක් කර තිබුණා.
ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායම
ලහිරු උදාර (නායක සහ කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර, නුවනිඳු ප්රනාන්දු, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දුශාන් හේමන්ත, ඉසිත විජේසුන්දර, ප්රමෝද් මදුශාන් සහ මොහොමඩ් ශිරාස්.
ඔස්ට්රේලියා A ක්රිකට් කණ්ඩායම
Matt Renshaw (නායක), Matthew Gilkes (කඩුලු රකින්නා), Campbell Kellaway, Liam Scott, Nathan McSweeney, Ollie Peake, Jason Sangha, Jack Nisbet, Bryce Jackson, Sam Elliott සහ Billy Stanlake
ප්රතිවාදී සත්කාරක නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ නායක ලහිරු උදාර සහ ලසිත් කෲස්පුලේ විසින්. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 64ක් එක් කරනවා. එහි සබඳතාව බිඳී යන්නේ ලහිරු උදාර ලකුණු 27කට දැවී යෑමත් සමඟිනුයි. එහි දී ඔහු පන්දු 40කට මුහුණ දෙන අතර ඊට හතරේ පහර 5ක් එක් කරනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් කමිල් මිෂාර තම ඉනිම ලකුණු නොලබා පන්දු 3කට සීමා කර ගන්නවා.
ඊට පසුව ලසිත් කෲස්පුල්ලේ සමඟ එක් වෙන්නේ නුවනිඳු ප්රනාන්දු. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් එක් කරනවා. එහි සබඳතාව බිඳී යන්නේ ලසිත් කෲස්පුලේ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා දැවී යෑමත් සමඟිනුයි.
අනතුරු ව නුවනිඳු ප්රනාන්දු සහ සහන් ආරච්චිගේ එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් කරමින් ශ්රී ලංකා ලකුණු පුවරුවට ගෞරවනීය සේවයක් ඉටු කිරීමට කටයුතු කරනවා. සහන් ආරච්චිගේ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
අනතුරු ව එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ නුවනිඳු ප්රනාන්දු ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පවන් රත්නායක සහ සොනාල් දිනූෂ එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කරනවා. එහි දී පවන් රත්නායක පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
ශ්රී ලංකා ඉනිම අවසන් වෙද්දී දුශාන් හේමන්ත පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද සහ ඉසිත විජේසුන්දර පන්දු 2ක දී නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Sam Elliott සහ Jack Nisbet කඩුලු ද්විත්වය බැගින් ද Matt Renshaw සහ Bryce Jackson කඩුල්ල බැගින් ද ලබා ගත්තා.
සත්කාරක ක්රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Matt Renshaw පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 6 වැනි ශතකයයි.
ඔහු Liam Scott සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 107ක සබඳතාවක් එක් කරන ලද අතර එම සබඳතාව බිඳී යන්නේ Liam Scott පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා.
Matt Renshaw එක් අන්තයක සිටිමින්, Nathan McSweeney (5), Oliver Peake (6), Jason Sangha (10) සහ Jack Nisbet ((0) සමඟ එක් ව ඔස්ට්රේලියා ඉනිම ගොඩ ගැනීමට වෙහෙස වූවා. එහෙත් ඔහුගේ හුදකලා ඉනිම 8 වැනි කඩුල්ලට අවසන් වීමත් සමඟින් ඔස්ට්රේලියාවේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 7ක් පමණක් එකතු වෙද්දී ඔස්ට්රේලියා ඉනිම බිඳ වැටුණා.
කඩුලු දවා ගැනීමේ දී ප්රමෝද් මදුශාන් ලකුණු37කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත සහ මොහොමඩ් ශිරාස් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 294 (50.0) ලහිරු උදාර 27, ලසිත් කෲස්පුල්ලේ 63, නුවනිඳු ප්රනාන්දු 82, පවන් රත්නායක 30, සොනාල් දිනූෂ 34, Jack Nisbet 2/58, Sam Elliott 2/30
ඔස්ට්රේලියා A ක්රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 243 (41.1) Matthew Gilkes 38, Liam Scott 53, Matt Renshaw 106, මොහොමඩ් ශිරාස් 2/35, සහන් ආරච්චිගේ 2/29, ප්රමෝද් මදුශාන් 4/37
ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායමට ලකුණු 51ක ජයග්රහණයක්.
තරග 3කින් යුත් මෙම තරගාවලියේ 3 වැනි සහ අවසන් නිල නොලත් එක්දින තරග මේ මස 9 වැනිදා Darwin හී Marrara Oval ක්රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායමේ ඔස්ට්රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





























